Apply Now

ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය පුහුණු සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය.

          තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ මූලිකත්වයෙන් බතික් ක්ෂේත්‍රයේ නිපුණතාවය ඇති ශිල්පීන් සඳහා පෙර දැනුම ඇගයීමේ ක්‍රමවේදය (RPL) යටතේ NVQ 4 මට්ටමේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 ජූලි 12 දින සහතිකපත්‍රලාභීන් විසින් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා,

  • ආචාර්ය කේ ඒ ලලිතධීර, අධ්‍යක්ෂ ජනරාල්, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
  • තරංග නලීන් ගම්ලත්, අධ්‍යක්ෂ ජනරාල්,  ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය
  • පේෂලා අ‍බේසූරිය, අධ්‍යක්ෂ (සංවර්ධන) සාම්ප්‍රදායික කර්මාන්ත සහ මැණික් හා ස්වර්ණාභරන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  • මහාචාර්ය සමුද්‍රිකා විජේපාල, පාඨමාලා සංවර්ධන උපදේශක
  • ආචාර්ය ශාන්ත රත්නායක, වැඩ බලන පීඨාධිපති, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය
  • සරත් විජේබාහු, ප්‍රධාන තාක්ෂණවේදී, අංශ ප්‍රධානී, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය
  • සුභානි තෙවරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ තාක්ෂණවේදී, පාඨමාලා සම්බන්ධීකාරක, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවිය.